එන්සයිම සහ පරිවර්තක
උත්ප්‍රේරක ඇත්තේ රසායනාගාරයේ සහ කර්මාන්තශාලාවේ පමණක් නොවේ. ඒවා ඔබේ සිරුර තුළත්, ඔබ නගින බස් රථය තුළත් ක්‍රියා කරයි.
ජෛව උත්ප්‍රේරක
ජීවීන් තුළ සිදුවන ශ්වසනය, ජීරණය, ප්‍රභාසංශ්ලේෂණය සහ ප්‍රෝටීන් සංශ්ලේෂණය වැනි විවිධ ජෛව රසායනික ක්‍රියාවලි සඳහා අවශ්‍ය වන එන්සයිම ජෛව උත්ප්‍රේරක (Biological Catalysts) ලෙස හැඳින්වේ.
කෘත්‍රිම ලෙස නිපදවූ ජෛව උත්ප්‍රේරක, විවිධ සේදුම් කාරක ලෙස භාවිතා කෙරේ.
උත්ප්‍රේරක පරිවර්තක (Catalytic converters)
නවීන මෝටර් රථවල පිටාර පද්ධතියට (Exhaust System) සම්බන්ධ කළ උත්ප්‍රේරක පරිවර්තකය නම් වූ උපකරණයක් ඇත. පිටාර වායුවෙහි ඇති, පරිසර දූෂක වන කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රික් ඔක්සයිඩ් වැනි වායු, පරිසර දූෂක නොවන වායු බවට පරිවර්තනය කිරීම මෙම උපකරණයේ කාර්යය යි.
එහි ඇති උත්ප්‍රේරක (ප්ලැටිනම්, පැලේඩියම්) මඟින් පහත සඳහන් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කරයි.
2CO(g) + O2(g) → 2CO2(g)
2NO(g) + 2CO(g) → N2(g) + 2CO2(g)
පැවරුම 17.4
විවිධ රසායනික කර්මාන්ත හා රසායනික ක්‍රියාවලි සඳහා භාවිත කෙරෙන උත්ප්‍රේරක පිළිබඳව ද, ජෛව රසායනික ප්‍රතික්‍රියාවලදී යෙදෙන ජෛව උත්ප්‍රේරක හෙවත් එන්සයිම පිළිබඳව ද අධ්‍යයනය කොට පොත් පිංචක් පිළියෙල කරන්න. ඒ සඳහා පුස්තකාල පොත් මෙන් ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද භාවිත කරන්න.