එහි කොටස්
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස්.
ඩිම්බකෝෂය (Ovary)
උදර කුහරය තුළ ශ්‍රෝණි පෙදෙසෙහි පාර්ශවික බිත්තිවලට ආසන්නව ඩිම්බකෝෂ යුගලක් පවතී. ඩිම්බ කෝෂයක හරස්කඩක බාහිකය හා මජ්ජාව ලෙස කලාප දෙකක් ඇත.
ඩිම්බ නිපදවන්නේ සයුනිකා තුළ ය. ප්‍රාථමික සයුනිකා සහ ඒවායින් ඩිම්බ සෑදීමේ විවිධ අවස්ථා වන ග්‍රාෆීය සයුනිකා, පීතදේහ, ශ්වේතදේහ යන දෑ ඩිම්බ කෝෂය තුළ දැකිය හැකි ය.
ඩිම්බ නිපදවීම උපතේ සිට ම ආරම්භ වී ඇත.
පැලෝපීය නාළය (Fallopian tube)
ඩිම්බ කෝෂයෙන් පිට වූ ඩිම්බ පැලෝපීය නාළය නම් සිහින් දිග පේශිමය නාලයකට ඇතුළු වේ. එහි ගර්භාෂයට ආසන්න කෙළවර පුනීලාකාර වන අතර ඒ වටා කඩරැලි නම් ඇඟිලි වැනි නෙරීම් පවතී. ඒවා ඩිම්බය පැලෝපීය නාළයට ඇතුළු කිරීමට වැදගත් වේ.
ගර්භාෂය (Uterus)
ගර්භාෂය ශ්‍රෝණි කුහරය තුළ පිහිටන ඝන බිත්ති සහිත කුහරමය ව්‍යූහයකි. එහි බුද්නය, දේහය, ග්‍රීවය ලෙස කලාප තුනක් ඇත. ගර්භාෂයේ බුද්නය ප්‍රදේශයට පැලෝපීය නාළ යුගල සම්බන්ධ වේ. අනෙක් කෙළවර ග්‍රීවය හෙවත් ගැබ්ගෙල පිහිටයි.
යෝනි මාර්ගය (Vagina)
ගර්භාෂයේ ගැබ්ගෙලෙන් පසුව ඇති කොටස යි. යෝනි මාර්ගය, යෝනි විවරයෙන් බාහිර පරිසරයට විවෘත වේ.
රූපයක් එක් කළ යුතුය
රූපයක් එක් කළ යුතුය