Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 20 පරිච්ඡේදය — ප්‍රවේණිය

20.6. ප්‍රවේණික ආබාධ 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

ඇලිබව නොමැති ජනකයන් දෙදෙනෙකුට එය ඇති දරුවෙකු ලැබේ. මෙයින් ජනකයන් ගැන ඔබට කියන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දෙදෙනා ම වාහකයෝ ය, දෙදෙනා ම නිලීන සම්මුහුර්ත ජානය සඳහා විෂම යුග්මක ය. ඇලිබව අලිංග වර්ණදේහයේ නිලීන තත්ත්වයක් බැවින්, දරුවාට ජනකයන් දෙදෙනාගෙන් ම නිලීන සම්මුහුර්ත ජානය ලැබී තිබිය යුතු ය.

වාහකයන් දෙදෙනෙකුට එක් එක් උපතේ දී තත්ත්වය ඇති දරුවෙකු ලැබීමට හතරෙන් එක් ඉඩක් ඇත. එය නොවෙනස් ව ම F2 පනට් කොටුව යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.