Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.8. වර්ධනය හා විකසනය 2 වන පිටුව (4)

පියවර තුන

වර්ධනය හා විකසනය ප්‍රධාන පියවර තුනකින් දැක්විය හැකි ය.

1. සෛල විශාල වීම

ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම. එනම් සෛලයේ වියළි බර වැඩි වීම.

2. සෛල සංඛ්‍යාව වැඩි වීම

සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම. එක් සෛලයක් දෙකක් වේ, දෙක හතරක් වේ.

3. සෛල විශේෂණය වීම

එකිනෙකට සමාන සෛල, යම් කෘත්‍යයක් සඳහා විශේෂණය වීම — ස්නායු සෛලයක්, පේශි සෛලයක්, රතු රුධිරාණුවක් බවට.

පළමු දෙක වර්ධනයයි; තුන්වැන්න විකසනයයි

මානව ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙස සෑදෙන යුක්තාණුව ගර්භාෂය තුළ දී කලලයක් බවට විකසනය වී පසුව ජනිතයෙකු බවට පත් වේ. එහි දී සිදු වන්නේ සෛල ගණන වැඩි වීම පමණක් නොවේ — ඒවා එකිනෙකට වෙනස් දේවල් බවට පත් වීම ද ය.

විකසනය

විකසනය ලෙස හඳුන්වන්නේ සෛල සංකීර්ණභාවයෙන් ඉහළ යාමයි.