හයිඩ්‍රජන් — සැහැල්ලු ම වායුව
මේ අවසාන කොටසේ දී අප වායු තුනක් ගැන කතා කරමු — ඒවා පිළියෙල කරන ආකාරය, ගුණ සහ භාවිත. පළමුවැන්න හයිඩ්‍රජන් ය.
වායුගෝලයේ ඉතා සුළු ප්‍රමාණයක්
හයිඩ්‍රජන් වායුගෝලයේ සාමාන්‍ය සංයුතිය අනුව ඉතා කුඩා ප්‍රතිශතයක් පවතින වායුවකි. එහෙත් එය මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ය.
සැහැල්ලු ම වායුව
හයිඩ්‍රජන් යනු සැහැල්ලු ම වායුවයි. එහි සාපේක්ෂ අණුක ස්කන්ධය 2ක් පමණක් වන අතර, එයට වඩා අඩු අණුක ස්කන්ධයක් ඇති වායුවක් නැත.
වාතය සමඟ සසඳා බැලීම
වාතයේ ප්‍රධාන සංඝටක වන නයිට්‍රජන් (N2) හි සාපේක්ෂ අණුක ස්කන්ධය 28ක් ද ඔක්සිජන් (O2) හි 32ක් ද වේ.
හයිඩ්‍රජන් (H2) හි එය 2ක් පමණි — එබැවින් එය වාතයට වඩා ඉතා ම සැහැල්ලු ය.
මෙය පසුව වැදගත් වේ
වාතයට වඩා සැහැල්ලු වීම නිසා ම හයිඩ්‍රජන් එකතු කර ගැනීමට විශේෂ ක්‍රමයක් යෙදිය හැකි ය — එය ඉදිරි පිටුවල දී අප දකිමු.
ඊළඟ පිටුවේ දී හයිඩ්‍රජන් වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ හය බලමු.