Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — සම්ප්‍රයුක්ත බලය

9.4. ආනත බල දෙකක සම්ප්‍රයුක්තය 3 වන පිටුව (6)

3 වන ප්‍රශ්නය

හරක් බානක් (දෙදෙනෙකු) බැඳ නඟුලකින් සී සෑමේ දී, එක් හරකෙකු 100 N බලයකින් ද අනිකා 80 N බලයකින් ද අදින ලද්දේ නම් නඟුල ඉදිරියට ඇදී යන්නේ කවර සම්ප්‍රයුක්ත බලයකින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

180 N. හරකුන් දෙදෙනා යාබදව සිටින බැවින් ඇදීම් දෙක සමාන්තර ය, එහෙත් දෙක ම නඟුල යා යුතු දිශාවට ම ය: 100 N + 80 N = 180 N.

20 N යනු වෙනසයි — එය අදාළ වන්නේ හරකුන් දෙදෙනා එකිනෙකට එරෙහි ව ඇදුවහොත් පමණි, එය සී සෑමක් නොවනු ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.