දුනු තරාදියක එල්ලා තිබීම
දුනු තරාදියක එල්ලා ඇති වස්තුවක් ද නිශ්චල ව පවතී. මෙහි දී එය මත ක්‍රියා කරන්නේ බල දෙකකි.
රූපයක් එක් කළ යුතුය
පහළට ක්‍රියා කරන බලය
ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන වස්තුවේ බර. එය සැම විට ම සිරස් ව පහළට ක්‍රියා කරයි.
ඉහළට ක්‍රියා කරන බලය
වස්තුව පොළොවට නොවැටී රඳවා ගැනීම සඳහා දුන්න මගින් ඉහළට යොදන බලය.
මෙම බල දෙක යටතේ වස්තුව නිශ්චල ව පවතී. එනම් එම බල දෙක යටතේ වස්තුව සමතුලිතතාවේ පවතී.
නිරීක්ෂණය
තරාදියේ පාඨාංකය කියවා බැලුවහොත්, එය වස්තුවේ බරට සමාන බව පෙනේ. දුන්න ඉහළට යොදන බලය බරට වඩා වැඩි නම් වස්තුව ඉහළට යනු ඇත; අඩු නම් එය පහළට වැටෙනු ඇත.
මෙය දුනු තරාදියක් ක්‍රියා කරන ආකාරය ද පැහැදිලි කරයි: එය මනින්නේ එය ඉහළට යොදන බලය යි, එහෙත් සමතුලිතතාවේ දී ඒ බලය එල්ලා ඇති වස්තුවේ බරට සමාන වේ.