උත්තේජය හා ප්‍රතිචාරය
ජීවීහු පරිසරයේ සිදුවන වෙනස් වීම් අනුව ක්‍රියා කරති. ඒ වෙනස්වීම උත්තේජය යි; ඊට දක්වන ක්‍රියාව ප්‍රතිචාරය යි.
උත්තේජය
ප්‍රතිචාරයක් ඇති කරලීමට සමත් බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ ඇතිවන වෙනස්වීමක් උත්තේජයක් ලෙස හඳුනාවයි.
රූපයක් එක් කළ යුතුය
ඉහත රූපයේ උත්තේජය ශබ්දය වන අතර ප්‍රතිචාරය කන් දෙක වසා ගැනීම යි. පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට ක්‍රියාකිරීම ප්‍රතිචාර දැක්වීම ලෙස හඳුන්වයි.
උත්තේජය ලබා ගන්නේ කොහෙන් ද?
උත්තේජ ලබා ගන්නේ ඇස, කන, නාසය, දිව හා සම යන සංවේදී ඉන්ද්‍රියයන්ගෙනි. උත්තේජය වශයෙන් ආලෝකය, ශබ්දය, රසායනික හෝ යාන්ත්‍රික කම්පන ක්‍රියා කළ හැකි ය.
උද්දීප්‍යතාව
බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි.
සියලු වෙනස්වීම් උත්තේජ නොවේ
වෙනස්වීමක් උත්තේජයක් වන්නේ එයට ප්‍රතිචාරයක් ඇති කිරීමට තරම් ප්‍රබලතාවක් ඇති විට පමණි. කාමරයේ උෂ්ණත්වය 0.01 °C කින් වෙනස් වුවහොත් ඔබ කිසිවක් නොකරයි — එය වෙනස්වීමක් වුව ද ඔබට උත්තේජයක් නොවේ.