Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.3. ස්කන්ධය හා බර 1 වන පිටුව (9)

1 වන ප්‍රශ්නය

ස්කන්ධයේ සහ බරෙහි ජාත්‍යන්තර ඒකක පිළිවෙළින් කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ස්කන්ධය kg; බර N. ස්කන්ධය යනු වස්තුවෙහි අඩංගු පදාර්ථ ප්‍රමාණය වන අතර එහි ඒකකය කිලෝග්‍රෑමයයි.

බර නම් වස්තුව පොළොව වෙත ඇද ගන්නා බලයයි. බලයක් බැවින් එහි ඒකකය නිව්ටනය (N) ය — කිලෝග්‍රෑම් නොවේ.

"මගේ බර කිලෝග්‍රෑම් 50 යි" යැයි කීම එදිනෙදා කථාවේ දී සාමාන්‍ය වුව ද, භෞතික විද්‍යාවේ දෘෂ්ටියෙන් වැරදි ය. කිලෝග්‍රෑම් 50 යනු ස්කන්ධයයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.