7 වන ප්‍රශ්නය
පහත ඒවායින් සෝඩියම්වල භාවිතයක් වන්නේ කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කහ පැහැ ආලෝකය විහිදන විදුලි ලාම්පු ය. මාර්ගවල ඇති කහ පැහැති ලාම්පුවේ ක්‍රියා කරන්නේ සෝඩියම් ය.
රන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීමට, ඔක්සිහාරකයක් ලෙස ගන්නා සෝඩියම් සංරසය සෑදීමට, ටයිටේනියම් හා සර්කෝනියම් වැනි ලෝහ ඒවායේ සංයෝගවලින් වෙන් කිරීමට හා ඩෙනිම් සඳහා ඉන්ඩිගෝ වැනි සායම් නිපදවීමට ද සෝඩියම් යොදා ගැනේ. පැන්සල් සෑදෙන්නේ මිනිරන් වලිනි; ටයර්වලට පුරවන්නේ නයිට්‍රජන් ය.