Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.2. ස්වාභාවික වර්ධක ප්‍රචාරණය 7 වන පිටුව (7)

7 වන ප්‍රශ්නය

කහ, ඉඟුරු හා කෙසෙල් එක ම වර්ගයේ භූගත කඳක් දරයි. අර්තාපල් දරන්නේ වෙනස් එකකි. අර්තාපල්වල ඇත්තේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ස්කන්ධ ආකන්දයකි. මෙම වර්ගයට නිදසුන් දෙක අර්තාපල් හා ඉන්නල ය.

කහ, ඉඟුරු හා කෙසෙල් යනු රයිසෝම ය. කෝමයක් යනු හබරල හෝ ගහල ය; බල්බයක් යනු රතු ලූනු, ලොකු ලූනු හෝ ලීක්ස් ය. හතර ම භූගත කඳන් වන අතර ඒවා බෙදෙන්නේ බාහිර ලක්ෂණ අනුව ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.