Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

නිව්ටන්ගේ දෙවන නියමය 1 වන පිටුව (4)

දෙවන නියමය

පළමු නියමය කියන්නේ අසමතුලිත බලයක් ත්වරණයක් ඇති කරන බවයි. දෙවන නියමය කියන්නේ එම ත්වරණය කොපමණ ද යන්නයි.

නිව්ටන්ගේ දෙවන නියමය

වස්තුවක ඇති වන ත්වරණය, එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම ව සමානුපාතික වන අතර, වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම ව සමානුපාතික වේ.

ප්‍රකාශ දෙක වෙන් වෙන් ව

බලයට අනුලෝම ව

බලයේ විශාලත්වය යම් අනුපාතයකින් අඩු හෝ වැඩි කළ විට, එම අනුපාතයෙන් ම ත්වරණය ද අඩු හෝ වැඩි වේ.

a ∝ F

බලය දෙගුණ කළොත් ත්වරණය දෙගුණ වේ.

ස්කන්ධයට ප්‍රතිලෝම ව

ස්කන්ධය යම් අනුපාතයකින් වැඩි කළහොත් ත්වරණය එම අනුපාතයෙන් අඩු වේ; අඩු කළහොත් වැඩි වේ.

a ∝ 1 ÷ m

ස්කන්ධය දෙගුණ කළොත් ත්වරණය අඩකට වැටේ.

දෙක එකට

ප්‍රකාශ දෙක ම එකවර සත්‍ය බැවින්, ඒවා එක් සම්බන්ධතාවකට ගෙන එමු.

දෙක එකට

a ∝ F

a ∝ 1 ÷ m

එනම්, a ∝ F ÷ m

එබැවින් (F ÷ m) ÷ a යනු නියතයකි. ඊළඟ පිටුවේ දී එම නියතය 1 වන පරිදි බලයේ ඒකකය අර්ථ දක්වා, නියමය සරල සමීකරණයක් බවට පත් කරමු.