Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

නිව්ටන්ගේ තුන්වන නියමය 4 වන පිටුව (7)

4 වන ප්‍රශ්නය

වීදුරු බෝල මත තැබූ ලෑලි දෙකක් මත ළමුන් දෙදෙනෙක් වාඩි වී සිටිති. එක් ළමයෙක් පමණක් අනෙකා අත්ලෙන් තල්ලු කළහොත් කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ළමුන් දෙදෙනා ම ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ. එක් අයෙක් පමණක් තල්ලු කළත් දෙදෙනා ම චලනය වේ.

තල්ලු කරන ළමයා අනෙකා මත බලයක් යොදයි — එය ක්‍රියාව ය. එවිට අනෙක් ළමයා මගින් තල්ලු කරන ළමයා මත එම විශාලත්වයෙන් ම විරුද්ධ දිශාවට බලයක් යෙදේ — එය ප්‍රතික්‍රියාව ය.

"තල්ලු කිරීමට" කැමැත්තක් අවශ්‍ය නොවේ. දෙවන ළමයා කිසිවක් නොකළත් ප්‍රතික්‍රියා බලය ඉබේ ම යෙදේ — නියමයට ව්‍යතිරේකයක් නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.