7 වන ප්‍රශ්නය
DNA අණුවක් විකෘතිවලට භාජනය විය හැක. එය වැදගත් වන්නේ ඇයි?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
DNA අණුව විකෘතිවලට භාජනය වීමට ඇති හැකියාව නිසා ප්‍රභේදන ඇති වේ. ජීවීන්ගේ පරිණාමය රඳා පවතින්නේ එම ප්‍රභේදන මතයි.
මෙය සිත් ගන්නා අදහසකි: තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීම කාර්යය කොටගත් එම අණුව ම, ඉඳහිට සිදු වන එහි දෝෂ හරහා, අලුත් සියල්ලේ මූලාශ්‍රය ද වේ.