පීඩනය යනු කුමක් ද?
ඇණයක උල් කෙළවර ලෑල්ලකට පහසුවෙන් ඇනෙන නමුත් එහි පැතලි හිස ලෑල්ලට නොඇනේ. යොදන බලය දෙපසෙහි ම එක ම ය — වෙනස වන්නේ එම බලය බෙදී යන වර්ගඵලය ය. මේ වෙනස කියා දෙන රාශිය පීඩනය (pressure) නම් වේ.
පීඩනයේ නිර්වචනය
ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය පීඩනය නම් වේ.
පීඩනය = යෙදෙන අභිලම්බ බලය ÷ බලය යෙදෙන වර්ගඵලය
බලය F ලෙස ද වර්ගඵලය A ලෙස ද ගත් විට, පීඩනය = F ÷ A
රූපයක් එක් කළ යුතුය
"අභිලම්බ" යන වචනය වැදගත් ය
නිර්වචනයේ එන්නේ මතුපිටට අභිලම්බ ව — එනම් ලම්බක ව — යෙදෙන බලය පමණි. බලය ඇල ව යෙදුණ ද, පීඩනයට දායක වන්නේ මතුපිටට ලම්බක වන කොටස පමණකි.
එක ම බලය, වෙනස් පීඩන
වර්ගඵලය කුඩා වන තරමට එක ම බලය ඇති කරන පීඩනය වැඩි වේ. ඇණයේ උල් කෙළවර ඇනෙන්නේ, කුඩා වර්ගඵලයක් මත එම බලය ම යෙදෙන බැවිනි.
ඊළඟ පිටුවේ දී මේ රාශිය මනින ඒකකය කුමක් ද, සහ එය දිශාවක් සහිත රාශියක් ද යන්න බලමු.