ශ්‍රේණිගත නිදසුනක්
සෑම පද්ධති ගැටලුවක ම කාර්ය අනුපිළිවෙළ එක ම ය: පළමුව සමක ප්‍රතිරෝධය සොයන්න, ඉන්පසු මුළු දෙය ම එක් ප්‍රතිරෝධකයක් ලෙස සලකන්න.
ගැටලුව
රූපයේ දැක්වෙනුයේ 10 Ω ප්‍රතිරෝධකයක් හා 2 Ω ප්‍රතිරෝධකයක් 6 V විදුලි සැපයුමකට සම්බන්ධ කර ඇති ආකාරය යි.
- පද්ධතියේ සමක ප්‍රතිරෝධය සොයන්න.
- පරිපථය තුළින් ගලන ධාරාව කොපමණ ද?
රූපයක් එක් කළ යුතුය
1 කොටස — සමක ප්‍රතිරෝධය
සමක ප්‍රතිරෝධය = R1 + R2
= 10 Ω + 2 Ω
= 12 Ω
2 කොටස — ධාරාව
මුළු පරිපථයට V = IR යෙදීමෙන්:
I = V ÷ R
= 6 ÷ 12
= 0.5 A
දෙකෙන් එකක් නොව සමක ප්‍රතිරෝධය භාවිත කරන්න
6 V ඇත්තේ යුගලය හරහා නිසා, එය යුගලයේ 12 Ω න් බෙදිය යුතු ය. 6 සංඛ්‍යාව 10 න් හෝ 2 න් බෙදීමෙන් කිසිවෙක් නොඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලැබේ.