Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.2. ප්‍රරෝහණය සහ සුප්තතාව 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

පරිණත කලලයක් සහිත තේක්ක බීජයකට ජලය, ඔක්සිජන් හා උණුසුම ලබා දුන් නමුත් එය ප්‍රරෝහණය නොවේ. ඉඩ ඇති හේතුව හා පිළියම කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

බීජාවරණය අපාරගම්‍ය ය, පිටතින් ඇති බුව කොටස පිලිස්සීමෙන් එම මුද්‍රාව බිඳේ. එවිට ජලය හා ඔක්සිජන් ඇතුළු විය හැක. අත්‍යවශ්‍ය සෑම සාධකයක් ම පැවතිය දී ප්‍රරෝහණය නොවීමේ මෙම තත්ත්වය බීජ සුප්තතාව යි.

කලලය පරිණත බව ප්‍රශ්නයේ කියා ඇති බැවින් “බීජය ජීව්‍ය නොවේ” යන්න බැහැර වේ — සුප්තතාවට ඇති අනෙක් එක ම හේතුව එය යි. ආලෝකය කිසිසේත් ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. පිළියම් පහෙන් හතරක් ම ආවරණයට එරෙහි ය; පරිණත නොවූ කලලයක් ඉදෙන තෙක් බලා සිටින්නේ ගබඩා කිරීම පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.