Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය 1 වන පිටුව (5)

කුඩා කැබලිවලට බෙදීම

ඔබ මෙය දැනටමත් දන්නා නමුත් එයට හේතුව සිතා බැලුවේ නැත. විශාල දර කොටයක් කුඩා කැබලිවලට පැලූ විට පහසුවෙන් දැවිය හැකි ය.

ලිප ගිනි මොළවන විට

විශාල දර කොටයක් ගිනි ගැනීමට බොහෝ වේලාවක් ගත වේ. එය කුඩා කැබලිවලට පැලූ විට ඉක්මනින් දැල්වේ.

වෛද්‍යවරුන්ගේ උපදෙස

ආහාර ජීරණය පහසු වීම සඳහා ඒවා හොඳින් විකා ගිලින ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.

මේවාට හේතු මොනවා ද?

අවස්ථා දෙකේ දී ම සිදු වන්නේ එකම දෙයකි — ද්‍රව්‍යය කුඩා කැබලිවලට බෙදීම. ද්‍රව්‍යයේ ස්කන්ධය කිසිසේත් වෙනස් වී නැත; වෙනස් වී ඇත්තේ එහි හැඩය පමණි.

එහෙත් හැඩය වෙනස් වීමෙන් ප්‍රතික්‍රියාව වේගවත් වන්නේ කෙසේ ද? පිළිතුර ඇත්තේ ප්‍රතික්‍රියාව සිදු වන්නේ කොතැන ද යන්නෙහි ය.