පුෂ්පයක්වත් බීජයක්වත් නැති ශාක
පුෂ්ප හට නොගන්නා මෙන් ම බීජ හට නොගන්නා ශාක වේ. මේවා ශාක රාජධානියේ සරල ම සාමාජිකයෝ ය.
Marchantia
Pogonatum
Selaginella
Nephrolepis
Salvinia
Acrosticum
Drynaria
රූපයක් එක් කළ යුතුය
| ලක්ෂණය | විශේෂ කරුණු |
|---|---|
| ව්‍යූහය | ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා පවතී. ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වී නැත — මුල, කඳ, පත්‍ර නොපවතී; මේවා තලස (thallus) ලෙස හැඳින්වේ. ඇතැම් ශාකවල පටක විභේදනයක් සිදු වී ඇති අතර සනාල පටක ද දරයි. |
| හැඩය | තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී. |
| පෝෂණය | සියල්ලෝ ම ස්වයංපෝෂී ය. ප්‍රභාසංශ්ලේෂීන් ය. සමහර ශාක අපිශාක වේ. |
| ප්‍රජනනය | බීජාණු නිපදවීම හා කොටස් වෙන්වීම මගින් අලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය ද සිදු කරයි. |
| ව්‍යාප්තිය | සෙවන හා තෙතමනය නිතරම රඳා පවතින අඩු සූර්යාලෝකයක් සහිත භෞමික පරිසරවල. |
13.2 වගුව — බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ.
ඔවුන් තෙත් තැන්වල ම සිටින්නේ ඇයි?
බීජයක් යනු වියළි කාලයක් ඉවසිය හැකි ඇසුරුමකි. බීජ නැති බැවින් මේ ශාකවලට එවැනි ආරක්ෂාවක් නැත, එබැවින් ඔවුන් තෙතමනය රඳා පවතින තැන්වලට සීමා වේ.