බැක්ටීරියා — සෑම තැනක ම
බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් ද ප්‍රාග් න්‍යෂ්ටික සෛලවලින් සමන්විත ය. එහෙත් ආකියාවන් මෙන් නොව, මොවුන් ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකි ය.
රූපයක් එක් කළ යුතුය
මොවුන් පෘථිවියේ සෑම පරිසරයක ම දැකිය හැකි බහුල කාණ්ඩය වේ. ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරන ජීවීන් වේ. බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා (නීල හරිත ඇල්ගී) වැනි ජීවීහු මෙයට අයත් වෙති.
බැක්ටීරියා සෛලයක් තුළ
ප්‍රාග් න්‍යෂ්ටික යනු න්‍යෂ්ටියක් නැති බව නොව, න්‍යෂ්ටික ද්‍රව්‍යය පටලයකින් වෙන් කර නොමැති බවයි. එය සෛල ප්ලාස්මය තුළ ම පිහිටයි.
රූපයක් එක් කළ යුතුය
ආකියා ද බැක්ටීරියා ද?
දෙක ම ප්‍රාග් න්‍යෂ්ටික බැවින් පටලවා ගැනීම පහසු ය. වෙනස මතක තබා ගැනීමට පහසු ම ක්‍රමය නම් ප්‍රතිජීවක ය: බැක්ටීරියා ඒවාට හසු වේ, ආකියා නොවේ.