7 වන ප්‍රශ්නය
කොහු ලණුවක ගැසූ ගැටයකට වඩා නයිලෝන් ලණුවේ ගැසූ ගැටය පහසුවෙන් ලිහිය හැකි ය. ඊට හේතුව කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
නයිලෝන් තන්තු අතරට වඩා කොහු තන්තු අතර ඝර්ෂණය වැඩි බැවිනි. ඇඹරූ කඹයකට විශාල බලයක් යෙදූ විට එය එකට තබා ගන්නේ ද එම ඝර්ෂණය ම ය.
ශක්තිය යනු මුළුමනින් ම වෙනස් ගුණයකි. ලණුවක් ඉතා ශක්තිමත් වුව ද ගැට දුර්වල ලෙස තබා ගත හැකි ය; නයිලෝන් හරියට ම එවැන්නකි.