Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. පෘෂ්ඨවංශීන් 2 වන පිටුව (6)

පිස්කේස් — ජලයට හැඩගැසුණු

ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වී ඇති මත්ස්‍යයින් අයත් වන කාණ්ඩය යි. මොවුහු කරදිය හා මිරිදිය ජලජ පරිසරවල වාසය කරති.

රූපයක් එක් කළ යුතුය

13.27 රූපය — පිස්කේස් විශේෂ කිහිපයක්: සමනල මත්ස්‍යයා, මඩුවා සහ මුහුදු අශ්වයා.
  • අස්ථිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
  • ජලයේ ගමන් කිරීමට පහසු වන ලෙස දේහය අනාකූල (තර්කුරූපී) හැඩැති වේ.
  • දේහය කොරපොතුවලින් ආවරණය වී ඇත.
  • පිහිනීම සඳහාත් සංතුලනය සඳහාත් වරල් දරයි.
  • ජලයේ කම්පන හඳුනාගත හැකි අංශ රේඛා පද්ධතියක් ඇත.
  • හෘදය කුටීර දෙකකි. තනි කර්ණිකාවක් හා කෝෂිකාවක් ඇත.
  • ශ්වසනය ජලක්ලෝම (කරමල්) මගින් සිදු කරයි.
  • චලතාපී සතුන් ය — පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වේ.
  • ඇසිපිය නොමැති ඇස් ඇත.

මත්ස්‍ය වර්ග දෙකක්

අභ්‍යන්තර සැකිල්ල සෑදී ඇති ආකාරය පදනම් කරගෙන මත්ස්‍යයින් වර්ග දෙකකට වෙන් කරයි.

කොන්ඩ්‍රික්තියේස් ඔස්ටෙයික්තියේස්
අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ වේ. අභ්‍යන්තර සැකිල්ල අස්ථීමය වේ.
කරදියේ පමණක් ජීවත් වේ. කරදිය මිරිදිය දෙකෙහිම ජීවත් වේ.
මත්ස්‍යයින් අතරින් 10% පමණ වේ. මත්ස්‍යයින් අතරින් 90% පමණ වේ.
ජලක්ලෝම පැලුම් පිධානයකින් ආවරණය වී නැත. ජලක්ලෝම පැලුම් පිධාන යුගලකින් ආවරණය වී ඇත.
මුඛය දේහයේ පූර්ව උදරීයව පිහිටයි. මුඛය දේහයේ පූර්ව කෙළවර පිහිටයි.
නිදසුන් — මෝරා, මඩුවා නිදසුන් — තෝරා, තිලාපියා, මුහුදු අශ්වයා

රූපයක් එක් කළ යුතුය

13.28 රූපය — පිස්කේස් මත්ස්‍ය වර්ග: කාටිලේජ මත්ස්‍යයා (මෝරා, මඩුවා) සහ අස්ථික මත්ස්‍යයා (තෝරා, තිලාපියා, මුහුදු අශ්වයා).