ජීවීන් වර්ග කීයක් ද?
පෘථිවිය මත ජීවයේ සම්භවය සිදු වන්නට ඇතැයි සැලකෙන්නේ දැනට වසර බිලියන 3.6 කට පමණ පෙර ය. මුලින් ම සම්භවය වූ සරල ඒක සෛලික ජීවීන් ක්‍රමයෙන් පරිණාමය වී සංකීර්ණ බහු සෛලික ජීවීන් ඇති වූ බව පිළිගත් මතය යි.
වර්තමානයේ පෘථිවිය මත ජීවී විශේෂ මිලියන 8.7 ක් පමණ ජීවත් වේ හැයි සැලකේ. මෙම ජීවීන් අතර අති විශාල විවිධත්වයක් පවතී.
ක්‍රියාකාරකම 13.1
- 13.1 රූපයේ දැක්වෙන සත්ත්ව විශේෂ හඳුනා ගන්න.
- එම සත්ත්ව විශේෂ සුදුසු නිර්ණායකයක් යොදා ගනිමින් වර්ග කරන්න.
- ඔබ වර්ගීකරණය කළ ආකාරය පන්තියේ අනෙක් සිසුන්ගේ වර්ගීකරණ ආකාර සමඟ සසඳා බලන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
පන්තියේ සිසුන් සියලු දෙනා එක ම පිළිතුරකට නොපැමිණෙනු ඇත. එක් අයෙක් පියාපත් ඇති හා නැති ලෙස ද, තවත් අයෙක් ජලයේ හා ගොඩබිම ජීවත් වන ලෙස ද වර්ග කරනු ඇත. විවිධ ගති ලක්ෂණ පදනම් කර ගනිමින් විවිධ ආකාරයට ජීවීන් වර්ගීකරණය කළ හැකි බව මෙයින් පැහැදිලි වේ.
එසේ නම් ප්‍රශ්නය මෙයයි: වර්ග කිරීමට ක්‍රම බොහොමයක් තිබෙන විට, විද්‍යාඥයන් තෝරා ගන්නේ කවරක් ද, සහ ඇයි? ඊළඟ පිටු කිහිපය ඒ ගැන ය.