6 වන ප්‍රශ්නය
වස්තුවක් සිරසේ ඉහළට ගමන් කරන විට, ඉහළට දිශාව ධන ලෙස සලකා ඇති විට, ගුරුත්වජ ත්වරණය ගැන කිව හැක්කේ කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ත්වරණය ඍණ අගයක් ගනී; ප්‍රවේගය අඩු වේ. ගුරුත්වාකර්ෂණ බලය සැම විට ම ක්‍රියා කරන්නේ පොළොව දෙසට — එනම් පහළට ය. ඉහළට යන වස්තුවකට එය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ ය.
එබැවින් සිරසේ ඉහළට ගමන් කරන විට ගුරුත්වජ ත්වරණය සඳහා අගය −9.8 m s-2 ලෙස ගැනේ. සෑම තත්පරයක් පාසා ම ප්‍රවේගය 9.8 m s-1 බැගින් අඩු වී, උපරිම උසේ දී එය ශුන්‍ය වේ.
වැදගත් කරුණක්: ත්වරණය ශුන්‍ය වන්නේ නැත. උපරිම උසේ දී ප්‍රවේගය ශුන්‍ය වුව ද, ගුරුත්වාකර්ෂණය දිගට ම ක්‍රියා කරන බැවින් ත්වරණය 9.8 m s-2 ලෙස පහළට ම පවතී — ඒ නිසා ම වස්තුව නැවත වැටෙන්නට පටන් ගනියි.