Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 2 පරිච්ඡේදය — සරල රේඛීය චලිතය

2.4. ත්වරණය 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරන වස්තුවක ප්‍රවේගය තත්පර 4 ක් තුළ දී 12 m s-1 සිට 0 දක්වා ඒකාකාර ව අඩු වේ. මෙම චලිතය ගැන නිවැරදි ප්‍රකාශය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ත්වරණය −3 m s-2; මන්දනය 3 m s-2.

ත්වරණය = (0 − 12) m s-1 ÷ 4 s = −3 m s-2

ත්වරණය සඳහා ලැබෙන අගය ඍණ නම්, එයින් කියැවෙන්නේ ප්‍රවේගය අඩු වන බවයි — මෙහි දී සෑම තත්පරයක් පාසා ම 3 m s-1 බැගින්. ඍණ ත්වරණයක් මන්දනයක් (deceleration) ලෙස හැඳින්වේ. එබැවින් ත්වරණය −3 m s-2 නම්, මන්දනය 3 m s-2 ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.