3 වන ප්‍රශ්නය
ස්ත්‍රීන් තුළ යොවුනුදාවේ වෙනස්කම් ඇති කරන හෝර්මෝන කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන්. දෙක ම ස්‍රාවය කරන්නේ ඩිම්බකෝෂ වන අතර, වෙනස්කම් සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-14 අතර ආරම්භ වේ.
ටෙස්ටොස්ටෙරෝන් යනු පුරුෂ හෝර්මෝනය වන අතර, එය වයස අවුරුදු 13-16 අතර ආරම්භ වන වෙනස්කම්වලට වගකියයි. මේ පරිච්ඡේදයේ පසුව එන ආර්තව චක්‍රයේ දී FSH ඉතා වැදගත් වුව ද, ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කරන්නේ එය නොවේ.