කාබන් ඩයොක්සයිඩ් නිපදවීම
කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට අවශ්‍ය වන්නේ හුණුගල් සහ තනුක අම්ලයක් පමණි.
ප්‍රතික්‍රියාව
කැල්සියම් කාබනේට් (CaCO3) තනුක හයිඩ්‍රොක්ලෝරික් (HCl) අම්ලය සමඟ ප්‍රතික්‍රියා කරවීමෙන් කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව නිපදවා ගත හැකි ය.
CaCO3 + 2HCl → CaCl2 + H2O + CO2
ඵල තුනකි — ලවණයක්, ජලය සහ අප අවශ්‍ය කරන වායුව.
රූපයක් එක් කළ යුතුය
16.2 රූපයේ හයිඩ්‍රජන් ඇටවුම සමඟ මෙය සසඳන්න — ඇටවුම එක ම ය. වෙනස වන්නේ ෆ්ලාස්කුව තුළ ඇති දෙය පමණි: සින්ක් වෙනුවට හුණුගල්.
සැලකිය යුතුයි
කාබන්ඩයොක්සයිඩ් ජලය මතින් එකතු කිරීමේ දී ජලයේ සුළු ප්‍රමාණයක් දිය වුව ද වායු නියැදි එකතු කර ගැනීමට එය බාධකයක් නොවේ.
එහෙත් CO2 වාතයට වඩා බර බැවින්, ඊළඟ පිටුවේ දී අප වඩාත් සුදුසු දෙවන ක්‍රමයක් බලමු.