ඝනත්වය වැඩි වායුවක් එකතු කිරීම
කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය සාමාන්‍ය වාතයේ ඝනත්වයට වඩා වැඩි නිසා වෙනත් ආකාරයකට ද වායුව එකතු කළ හැකි ය.
රූපයක් එක් කළ යුතුය
එය ක්‍රියා කරන ආකාරය
නළය තුළින් එන කාබන්ඩයොක්සයිඩ් වායුව ඝනත්වයෙන් වැඩි නිසා වායු සරාවේ පතුලට ගමන් කරයි.
එවිට වායු සරාව තුළ කාබන්ඩයොක්සයිඩ් වායුව පිරේ.
සරාවේ තිබූ වාතය ඉහළට තල්ලු වී යයි.
වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය
එබැවින් මෙම වායු එකතු කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ "වාතයේ උඩුකුරු විස්ථාපනය" ලෙස ය.
වායු සරාව තබන ආකාරය
හයිඩ්‍රජන් — යටිකුරුව
වායුව සැහැල්ලු බැවින් එය ඉහළට යයි — එබැවින් සරාව යටිකුරුව තැබිය යුතු ය.
කාබන් ඩයොක්සයිඩ් — උඩුකුරුව
වායුව බර බැවින් එය පහළට යයි — එබැවින් සරාව උඩුකුරුව තැබිය යුතු ය.
ක්‍රමය තෝරන්නේ කෙසේ ද?
වායුව ජලයේ දිය නොවේ නම් ජලයේ යටිකුරු විස්ථාපනය යෙදිය හැකි ය. වාතයට වඩා සැහැල්ලු නම් වාතයේ යටිකුරු විස්ථාපනය ද, බර නම් වාතයේ උඩුකුරු විස්ථාපනය ද යෙදිය හැකි ය.