Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 6 වන පිටුව (8)

ගොල්ගි සංකීර්ණය හා අන්තඃප්ලාස්මීය ජාලිකා

ඉතිරි පටලමය ඉන්ද්‍රියිකා දෙක ද්‍රව්‍ය නිපදවීම, ගෙන යාම හා අසුරා තැබීම භාර ගනී.

ගොල්ගි සංකීර්ණය (Golgi complex)

රූපයක් එක් කළ යුතුය

6.12 රූපය — ගොල්ගි සංකීර්ණය: එක මත එක පිහිටි පැතලි තැටි හා අවට ස්‍රාවීය ආශයිකා.

එක මත එක පිහිටි, පටලයකින් මායිම් වූ පැතලි තැටි රාශියක් ලෙස පිළිවෙළ වූ ගොල්ගි දේහ සහ අවට පිහිටි ස්‍රාවීය ආශයිකා සමූහයකින් ගොල්ගි සංකීර්ණය සමන්විත වේ.

ගොල්ගි දේහවල කෘත්‍ය

  • ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම
  • ස්‍රාවීය ද්‍රව්‍ය අසුරා තැබීම
  • ස්‍රාවීය කෘත්‍යය

අන්තඃප්ලාස්මීය ජාලිකා (Endoplasmic reticulum)

අන්තඃප්ලාස්මීය ජාලිකා යනු සෛල ප්ලාස්මය තුළ අඩංගු පැතලි හෝ නාළාකාර හෝ මඩිවලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයකි. ඒවා ආකාර දෙකකි.

රූපයක් එක් කළ යුතුය

6.14 රූපය — රළු අන්තඃප්ලාස්මීය ජාලිකා, එහි පෘෂ්ඨයේ රයිබොසෝම සමඟ, සහ රයිබොසෝම රහිත සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා.

රළු අන්තඃප්ලාස්මීය ජාලිකා

පෘෂ්ඨයට සම්බන්ධ රයිබොසෝම නිසා රළු බැවින් යුක්ත වේ. මේවායේ කෘත්‍ය වන්නේ ප්‍රෝටීන පරිවහනය කිරීමයි.

සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා

මේවා රයිබොසෝම රහිත නාලාකාර මඩි ජාලයකි. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපදවා පරිවහනය කරයි.

නම ම වෙනස කියයි

"රළු" හා "සිනිඳු" යනු පෙනුම විස්තර කරන වචන දෙකක් පමණක් නොවේ — රළු බව එන්නේ පෘෂ්ඨයේ ඇති රයිබොසෝමවලිනි. රයිබොසෝම ප්‍රෝටීන සාදන බැවින්, ප්‍රෝටීන පරිවහනය කරන්නේ ද රළු වර්ගය ම වීම අහම්බයක් නොවේ.