සංවිධාන මට්ටම්
පරිණාමිකව උසස් බහු සෛලික ජීවීන් තුළ සෛලය මට්ටම් පහක් දක්වා ගොඩනැගී ඇත.
මට්ටම් පහ
සජීවී තත්ත්වයේ පවතින කුඩා ම ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය සෛලය යි. නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වූ සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. පටක කිහිපයක එකතුවෙන් ඉන්ද්‍රියයක් සෑදෙන අතර, ඉන්ද්‍රිය සමූහනය වීමෙන් පද්ධතියක් සෑදෙයි. පද්ධති එකතුවෙන් ජීවියෙකු ගොඩනැගෙයි.
රූපයක් එක් කළ යුතුය
සෑම ජීවියෙකුට ම මට්ටම් පහ ම නැත
ඒක සෛලික ජීවියෙකු තුළ ඇත්තේ ඉන්ද්‍රියිකා මට්ටමේ සංවිධානයක් පමණි — පටකයක් හෝ ඉන්ද්‍රියයක් නැත. පරිණාමිකව උසස් ජීවීන් තුළ පමණි පටක හා පද්ධති මට්ටමේ සංවිධානය හමු වන්නේ, එවැනි ජීවීන්ගේ ඉන්ද්‍රියයන් පවා දියුණු මට්ටමකින් අදාළ කාර්යයන් කිරීමට අවශ්‍ය පරිදි නිර්මාණය වී ඇත.
නිදසුන් — දිව, ඇස, හෘදය.