Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.1. සෛලීය සංවිධානය 3 වන පිටුව (5)

විවිධ සෛල වර්ග

බහුසෛලික ජීවියෙකුගේ දේහය විවිධ සෛල වර්ගවලින් සමන්විත ය. එම සෛල විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වේ.

ශාක දේහයක
  • පරාග සෛල
  • අපිවර්මීය සෛල
  • ඉනි මෘදු ස්තර සෛල
  • පාලක සෛල (පුටිකා සිදුර වටා)
  • ගෙලම සෛල
  • ෆ්ලෝයම සෛල
  • මූල කේශ සෛල
මිනිස් සිරුරේ
  • සමෙහි සෛල
  • ස්නායු සෛල
  • අස්ථි සෛල
  • සුදු රුධිරාණු
  • රතු රුධිරාණු
  • පේශි සෛල
  • ජන්මාණු සෛල

රූපයක් එක් කළ යුතුය

8.3 රූපය — ශාක දේහය තුළ විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරය.

රූපයක් එක් කළ යුතුය

8.4 රූපය — මිනිස් සිරුර තුළ විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරය.

හැඩය කෘත්‍යය කියා දෙයි

මේ ලැයිස්තු දෙක කටපාඩම් කිරීමට වඩා වැදගත් වන්නේ එක් අදහසකි: සෛලයක හැඩය එහි කෘත්‍යයට ගැළපේ. මූල කේශ සෛලයක් දිගු ය — එයින් ජලය උරාගන්නා පෘෂ්ඨය වැඩි වේ. ස්නායු සෛලයක් ඊටත් වඩා දිගු ය — එයට පණිවුඩය දුර ගෙන යා යුතු ය. රතු රුධිරාණුවක් තැටියක් වැනි ය — ඔක්සිජන් ගැනීමට වැඩි පෘෂ්ඨයක් ලැබේ.

ක්‍රියාකාරකම 01

විද්‍යාගාරයේ ඇති පිළියෙල කරන ලද අණුවීක්ෂීය කදා (Microscopic Slides) ආධාරයෙන් විවිධ සෛල වර්ග නිරීක්ෂණය කර හඳුනා ගන්න. එක් එක් සෛලයේ හැඩය එහි කෘත්‍යයට උදවු වන්නේ කෙසේ ද යන්න සටහන් කර ගන්න.