Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.7. රසායනික සූත්‍ර 8 වන පිටුව (13)

8 වන ප්‍රශ්නය

මැග්නීසියම් ඔක්සයිඩ් හි රසායනික සූත්‍රය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

MgO ය. මැග්නීසියම්වල සංයුජතාව 2 ය; ඔක්සිජන්වල ද 2 ය. මාරු කර ලිවීමෙන් Mg2O2 ලැබේ — එහෙත් සංයුජතා දෙක දැනටමත් තුලනය වී ඇති නිසා සූත්‍රය ලියන්නේ සරලතම අනුපාතයෙනි.

කැල්සියම් ඔක්සයිඩ් ද එම අවස්ථාව ම ය: Ca 2 ද O 2 ද වන අතර පිළිතුර Ca2O2 නොව CaO ය. මාරු කර ලියූ සංඛ්‍යාවලට පොදු සාධකයක් ඇති සෑම විටෙක ම ඒවා සුළු කරන්න.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.