Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 2 පරිච්ඡේදය — සරල රේඛීය චලිතය

2.5. විස්ථාපන-කාල ප්‍රස්තාර 5 වන පිටුව (6)

5 වන ප්‍රශ්නය

සරල රේඛීය මාර්ගයක් ඔස්සේ වස්තුවක චලිතය සිදු වූ ආකාරය පහත විස්ථාපන-කාල ප්‍රස්තාරයේ දැක්වේ.

t (s) 0 4 6 8
s (m) 0 10 10 0

වස්තුව චලිතය ආරම්භ කර, නතර වීමට පෙර කොපමණ දුරක්, කොපමණ කාලයක් තුළ ගමන් කර තිබේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තත්පර 4 ක දී 10 m. ප්‍රස්තාරයේ රේඛාව 0 සිට තත්පර 4 දක්වා ඉහළට නැඟී, එතැන් සිට තිරස් වේ.

රේඛාව තිරස් වන ලක්ෂ්‍යය — එනම් (4, 10) — යනු වස්තුව නතර වූ මොහොතයි. එතැන් දක්වා විස්ථාපනය 0 සිට 10 m දක්වා වැඩි වී ඇත්තේ තත්පර 4 ක් තුළ ය.

තත්පර 8 යනු මුළු ප්‍රස්තාරය ආවරණය වන කාලයයි — එහෙත් තත්පර 6 සිට 8 දක්වා රේඛාව පහළට බෑවුම් වන බැවින් වස්තුව එම කාලයේ දී ආපසු ගමන් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.