7 වන ප්‍රශ්නය
ළමයෙක් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ A සිට B දක්වා 60 m ගමන් කරයි. ඉන්පසු ඉදිරියට නොගොස් ආපසු 40 m ගමන් කරයි. ඔහු ගමන් කළ දුර සහ ඔහුගේ විස්ථාපනය පිළිවෙළින් කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
දුර 100 m, විස්ථාපනය 20 m. ආපසු පැමිණීමේ දිශාව මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ බැවින් එම 40 m ඍණ ලෙස ගත යුතු ය:
සම්පූර්ණ විස්ථාපනය = 60 m + (−40 m) = 20 m
එහෙත් දුරට ලකුණක් නැත. ගමන් කළ දුර = 60 + 40 = 100 m — ආපසු පැමිණි කොටස ද එකතු වේ. දුර කිසි විටෙක අඩු නොවේ; විස්ථාපනය අඩු විය හැකි ය, ශුන්‍ය විය හැකි ය, ඍණ පවා විය හැකි ය.