ක්‍රියාකාරකම 4 — තල ආස්තරය
තුනී තල ආස්තරයක් සහ තන්තුවක් ඇත්නම්, සමාන්තර නොවන බල තුනක ක්‍රියා රේඛා ගැන ඇති කැපී පෙනෙන කරුණක් පෙන්විය හැකි ය.
ක්‍රියාකාරකම 4 — පළමු කොටස
අවශ්‍ය ද්‍රව්‍ය: ඍජු කෝණාස්‍රාකාර තුනී තල ආස්තරයක්, තන්තුවක්. තුනී ලෝහ තහඩු කැබැල්ලක් හෝ කාඩ්බෝඩ් කැබැල්ලක් තල ආස්තරය ලෙස භාවිත කළ හැකි ය.
- තල ආස්තරය අවස්ථා තුනක දී ස්ථාන තුනකින් එල්ලන්න.
- ඒ එක් එක් අවස්ථාවේ දී තන්තුව හරහා යන සිරස් රේඛාව ආස්තරය මත සලකුණු කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
රේඛා තුන ම එක් ලක්ෂ්‍යයක දී හමු වේ. එම ලක්ෂ්‍යය තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැලකිය හැකි ය.
ක්‍රියාකාරකම 4 — දෙවන කොටස
- තහඩුවේ ස්ථාන දෙකකට සම්බන්ධ කරන ලද තන්තු දෙකක් මගින්, 12.12 රූපයේ රාමු කළ පින්තූරය මෙන් ආස්තරය එල්ලා එය සිරස් තලයක සමතුලිත ව තබා ගන්න.
- ආස්තරයට පිටුපසින් තැබූ කඩදාසියක් මත එක් එක් තන්තුව දිගේ ගමන් කරන රේඛාව සලකුණු කරන්න. ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් රේඛාව ද සලකුණු කරන්න.
ලැබෙන ප්‍රතිඵලය
ඉහත සලකුණු කරන ලද රේඛා තුන ම එක ම තලයක පිහිටන අතර ඒවා එක ම ලක්ෂ්‍යයක දී හමුවන බව ඔබට පෙනෙනු ඇත.
දැන් බල තුනෙන් එක් බලයක දිශාව නියත ව තබා ගනිමින් අනෙක් බල ක්‍රියාකරන තලය වෙනස් වන සේ ආස්තරය හරවන්න. එසේ හරවා අත්හැරිය විට නැවතත් පද්ධතිය සමතුලිතතාවට පත් වන්නේ බල තුන ම එක ම තලයක පිහිටන ආකාරයට බව ඔබට පෙනෙනු ඇත.