ආධාරක දෙකක් මත දණ්ඩක්
සමාන්තර බල තුනක් යටතේ පවතින තවත් අවස්ථාවක් නම් ආධාරක දෙකක් මත නිශ්චල ව තබා ඇති දණ්ඩකි.
රූපයක් එක් කළ යුතුය
මෙහි දී දණ්ඩේ බර හා දණ්ඩ තබා ඇති ආධාරක නිසා දණ්ඩ මත ක්‍රියාකරන අභිලම්බ ප්‍රතික්‍රියා දෙක යන බල තුන එක ම තලයක පිහිටන අතර ඒවා සමාන්තර වේ. මෙම බල යටතේ දණ්ඩ ආධාරක දෙක මත සමතුලිත ව පිහිටයි.
කලින් අවස්ථාවට වෙනස ලෙස
කෙසෙල් කැන එල්ලා තිබූ අවස්ථාවේ දී බල දෙකක් ඉහළට ද එකක් පහළට ද ක්‍රියා කළේ ය. මෙහි දී ද එසේ ම ය — ආධාරක දෙකේ ප්‍රතික්‍රියා ඉහළට, දණ්ඩේ බර පහළට. එනම් එක් බලයක් අනෙක් බල දෙකට විරුද්ධ දිශාවට ක්‍රියා කරයි.
සමාන්තර බල තුනක දී නිතර දක්නට ලැබෙන රටාව
බල තුනක් සමාන්තර නම්, ඒවා සියල්ල එක ම දිශාවට ක්‍රියා කරන්නේ නම් සමතුලිතතාවක් ලැබිය නොහැක. සැම විට ම එකක් අනෙක් දෙකට විරුද්ධ දිශාවට ක්‍රියා කළ යුතු ය.
ඊළඟ පිටුවේ ක්‍රියාකාරකම මගින් අප එම බල තුනේ විශාලත්ව අතර ඇති සම්බන්ධය මැන බලමු.