ක්‍රියාකාරකම 3 — මීටර් කෝදුව
මීටර් කෝදුවක් සහ දුනු තරාදි දෙකක් ඇත්නම්, සමාන්තර බල තුනක් අතර ඇති සම්බන්ධය සංඛ්‍යාවලින් ම පෙන්විය හැකි ය.
ක්‍රියාකාරකම 3
අවශ්‍ය ද්‍රව්‍ය: දුනු තරාදි දෙකක්, මීටර් කෝදුවක්, රබර් පටි දෙකක්.
- මීටර් කෝදුවේ බර කිරා ගන්න.
- දුනු තරාදි දෙක මගින් කෝදුව දෙකෙළවරින් එල්ලා, එය තිරස් ව සමතුලිත ව පවත්වා ගන්න. එවිට තරාදි දෙකෙහි පාඨාංක ලබා ගන්න.
- තරාදි දෙකෙහි පාඨාංක සහ කෝදුවේ බර අතර ඇති සම්බන්ධතාව සොයා බලන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
දුනු තරාදි දෙකෙහි පාඨාංකවල එකතුව, මීටර් කෝදුවේ බරට සමාන බව පෙනේ.
F1 + F2 = W
දැන් තරාදි දෙක ඒකතල නොවන ලෙස තබන්න
කෝදුව තිරස් ව ම පවත්වා ගනිමින්, දුනු තරාදි දෙක ඒකතල නොවන පරිදි කෝදුවේ දෙකෙළවරින් එකිනෙකට විරුද්ධ දිශාවලට තල්ලු කරමින් සමතුලිතතාව පවත්වා ගත හැකි දැයි බලන්න.
ලැබෙන ප්‍රතිඵලය
එම සෑම අවස්ථාවක දී ම කෝදුව සමතුලිත වන්නේ නැවත දුනු තරාදි දෙක සමඟ කෝදුව ඒකතල වන අවස්ථාවක දී පමණක් බව ඔබට වැටහෙනු ඇත.