Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.2. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව 1 වන පිටුව (6)

සම්ප්‍රයුක්තය ශුන්‍ය විය යුතු ය

ලක්ෂ්‍යයක් මත ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක් නිසා හටගන්නා සම්ප්‍රයුක්ත බලය ගැන අප බල සම්ප්‍රයුක්තය පාඩමේ දී ඉගෙන ගත්තෙමු. එම දැනුම මෙහි දී කෙළින් ම භාවිත වේ.

වස්තුවක් මත එක් බලයක් යම් දිශාවකට යෙදී තිබිය දී, තවත් බලයකින් එම වස්තුව ඊට විරුද්ධ දිශාවට ඇද්දොත් සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය අඩු වේ. බල දෙක සමාන වූ විට සම්ප්‍රයුක්තය ශුන්‍ය වේ.

සමතුලිතතාවේ කොන්දේසිය

වස්තුවක් සමතුලිතතාවේ පැවතීම සඳහා එය මත ක්‍රියා කරන බලවල සම්ප්‍රයුක්තය ශුන්‍ය විය යුතු ය.

F1 − F2 = 0

එනම් F1 = F2

එහෙත් සමානත්වය පමණක් ප්‍රමාණවත් ද?

බල දෙක සමාන කර ගැනීමෙන් පමණක් සමතුලිතතාව ලැබේ ද? ඒවා යොදන දිශාව සහ ඒවා ක්‍රියා කරන රේඛාව ගැන කුමක් කිව හැකි ද? ඊළඟ පිටු දෙකේ ක්‍රියාකාරකම් දෙක මගින් සොයා බලන්නේ එය යි.

මෙම කොටසේ දී අප එක ම තලයේ විරුද්ධ දිශාවන්ට ක්‍රියා කරන බල දෙකක් යටතේ සමතුලිතතාව පවත්වා ගැනීමට අවශ්‍ය සාධක සොයා බලමු.