ක්‍රියාකාරකම 1 — මුදුව
මුදුවක් සහ දුනු තරාදි දෙකක් ඇත්නම්, බල දෙකක් යටතේ සමතුලිතතාවට අවශ්‍ය දේ මැන බැලිය හැකි ය.
ක්‍රියාකාරකම 1
අවශ්‍ය ද්‍රව්‍ය: මුදුවක්, දුනු තරාදි දෙකක්.
- මේසයක් මත මුදුව තිරස් ව තබා, දුනු තරාදි දෙක මගින් එය දෙපසට අදින්න.
- තරාදි දෙක අදින ප්‍රමාණ වෙනස් කරමින් මුදුව මත විවිධ විශාලත්වවලින් යුත් බල යොදන්න. සෑම අවස්ථාවක දී ම මුදුව නිශ්චල ව පවත්වා ගත යුතු ය.
- සෑම අවස්ථාවක දී ම තරාදි දෙකෙහි පාඨාංක කියවා සසඳන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
මුදුව සමතුලිත ව පවතින සෑම අවස්ථාවක දී ම තරාදි දෙකෙහි පාඨාංක සමාන බව පෙනේ. එනම් සමතුලිතතාවේ දී මුදුව මත යෙදෙන බල දෙකෙහි විශාලත්ව සමාන වේ.
දැන් තරාදි දෙක එක ම රේඛාවේ නොතබා බලන්න
දුනු තරාදි දෙක එක ම රේඛාවක නොපිහිටන ආකාරයට මුදුව සමතුලිත ව තබා ගැනීමට උත්සාහ කරන්න. මෙය කළ නොහැකි දෙයක් බව ඔබට පෙනී යනු ඇත.
ක්‍රියාකාරකමෙන් ලැබෙන දෙවන කරුණ
මුදුව සමතුලිත වන සෑම අවස්ථාවක දී ම බල දෙක ඒක රේඛීය විය යුතු ය; එසේ ම ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතු ය.