Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.2. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව 4 වන පිටුව (6)

මේසයක් මත පොතක්

මේසයක් මත තබා ඇති පොතක් ගනිමු. ගුරුත්වාකර්ෂණ බලය එය මත පහළට ක්‍රියා කරන නමුත් එය බිමට වැටෙන්නේ නැත. ඇයි?

රූපයක් එක් කළ යුතුය

12.6 රූපය — පොතක් මේසය මත සමතුලිත ව තිබීම: අභිලම්බ තෙරපුම (R) ඉහළට, බර (W) පහළට.

මෙහි දී වස්තුවේ බර සිරස් ව පහළට ක්‍රියා කරන අතර, එම බලය මේස ලෑල්ල විසින් සිරස් ව ඉහළට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් සංතුලනය වන්නේ ය.

අභිලම්බ ප්‍රතික්‍රියාව

වස්තුවක් තලයක් මත තබන විට එම තලය වස්තුවට ලම්බක ව ඉහළට යොදන බලයට අභිලම්බ ප්‍රතික්‍රියාව යැයි කියනු ලැබේ.

R = W

තිරස් තලයක් මත නිශ්චල ව ඇති වස්තුවක් සඳහා පමණි.

ඉහත කී බල දෙක යටතේ පොත මේසය මත සමතුලිතතාවේ පවතින අතර, වස්තුව නිශ්චල ව පවතී.

මේසය බලයක් යොදන්නේ ඇයි?

මේසය ජීවියෙකු නොවන බැවින් එයට බලයක් යෙදිය නොහැකි යැයි සිතීම පහසු ය. එහෙත් පොතේ බර නිසා මේස ලෑල්ල ඉතා සුළු ප්‍රමාණයකින් නැමෙන අතර, නැවත කෙළින් වීමට දරන උත්සාහය පොත ඉහළට තල්ලු කරයි. පොත බර වන තරමට නැමීම ද වැඩි වන බැවින්, ප්‍රතික්‍රියාව සැම විට ම බරට සමාන වේ.