සතුන් බහිස්ස්‍රාවය කරන ආකාරය
සතුන්ගේ ප්‍රධාන ම බහිස්ස්‍රාවී ඵල යූරියා, ලවණ වර්ග, කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලය යි.
| මාර්ගය | බැහැර වන දෙය | ඉන්ද්‍රියය |
|---|---|---|
| මූත්‍ර | යූරියා, ජලය, ලවණ | වකුගඩු |
| ප්‍රශ්වාස වාතය | CO2 වායුව, H2O | පෙනහළු |
| දහදිය | ජලය, ලවණ | සම |
රූපයක් එක් කළ යුතුය
සත්ත්ව සිරුරු තුළ බහිස්ස්‍රාවය සඳහා සකස් වුණු ඉන්ද්‍රිය පද්ධති පිහිටා ඇත. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවීය ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩු මගිනි.
බහිස්ස්‍රාවය ද, බැහැර කිරීම ද?
මළපහ බහිස්ස්‍රාවී ඵලයක් නොවේ. එය සෛල තුළ පරිවෘත්තියෙන් නිපදවුණු දෙයක් නොව, ජීර්ණය නොවී ඉතිරි වූ ආහාරයයි — එය සිරුරේ සෛලවලට කිසිදා ඇතුළු වූයේ නැත. යූරියා එසේ නොවේ: එය අක්මාවේ දී ප්‍රෝටීන බිඳ හෙළීමෙන් සෑදෙන නිසා සැබෑ බහිස්ස්‍රාවී ඵලයකි.