රන් ලෝහය නිස්සාරණය
මිනිස් වර්ගයාට යකඩවලට ත් වඩා දිගු ඓතිහාසික සබඳකම් ඇති ලෝහයක් ලෙස රන් (Au) හඳුන්වා දිය හැකි ය. කාසි, විවිධ ප්‍රතිමා, ලිපි ලේඛන ආදිය සකස් කිරීම සඳහා රන් යොදා ගෙන ඇති බවට සාක්ෂි ඇත.
බිඳ දැමීමට සංයෝගයක් නැත
සක්‍රියතා ශ්‍රේණියේ පහළ පවතින මෙම ලෝහය වායුගෝලයේ සක්‍රීය සංඝටක කිසිවක් සමඟ සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා නොකරයි. මේ නිසා ම නිදහස් මූලද්‍රව්‍යයක් ලෙසින් ම රන් ලෝහය ස්වභාවිකව පවතී. නමුත් වෙනත් අපද්‍රව්‍ය සමඟ මිශ්‍ර ව ඇත.
භෞතික ක්‍රම දෙකක්
1 — ගෑරීම
රන් අඩංගු ලෝපස ගෑරීමෙන් අපද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ඉවත් කර ගත හැකි වේ.
2 — ජල පහරකින් වෙන් කිරීම
සියුම් ව කුඩුකර ගලා යන ජල පහරකට මිශ්‍ර කළ විට ආරම්භයේ දී ම පතුළට ගමන් කරන්නේ රන් ලෝහයයි. මන්දයත් රන්වල ඝනත්වය ඉතා ඉහළ බැවිනි.
මෙවැනි භෞතික ක්‍රම මගින් වෙන්කර ගත් ලෝහය තවදුරටත් සංශුද්ධ කරගැනීමට විවිධ ක්‍රම භාවිත කරයි.
අමතර දැනුමට
වර්තමානයේ රන් දිය වන ද්‍රාවක සොයාගෙන ඇත. අපද්‍රව්‍ය සහිත ලෝහය මෙම ද්‍රාවකවල දියකර ගත් විට රන් පමණක් දිය වේ. එම ද්‍රාවකවල දිය වූ රන් නැවත ලබා ගැනීමට වෙනත් ලෝහයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම සිදුකරයි.
යකඩ සහ රන් සසඳන්න
යකඩ — සංයෝගයක් ලෙස ඇත, එබැවින් ඌෂ්මකයක් සහ ඔක්සිහාරකයක් අවශ්‍ය ය.
රන් — නිදහස් ලෝහය ලෙස ඇත, එබැවින් වෙන් කිරීම පමණක් අවශ්‍ය ය.