නිඩාරියා — ස්තර දෙකක් සහ දංශකයක්
ද්විප්‍රස්තරයින් වන හයිඩ්‍රා, මුහුදු මල සහ ජෙලි මසුන් වැනි සතුන් අයත් වන වංශය යි.
රූපයක් එක් කළ යුතුය
- සියල්ලන් ම ජලජ වාසීන් ය. වැඩි පිරිසක් කරදිය වාසී වන අතර සුළු පිරිසක් මිරිදිය වාසී වේ.
- බහු සෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩනැගී ඇත. ඒ නිසා ද්විප්‍රස්තරයින් ලෙස හැඳින්වේ.
- දේහය තුළ සීලෝමාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියාකරන කුහරයක් පවතී.
- දේහය අරීය සමමිතියක් දක්වයි.
- සියල්ලන් ම විලෝපීන් ය. පහර දී කුඩා සතුන් අඩපණ කර ආහාරයට ගනී. දංශක කෝෂ්ඨ දරයි.
- අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනය සිදුවේ. ලිංගික ප්‍රජනනය ද සිදුකරයි.
ස්වරූප දෙකක්
බුහුබා ආකාරය
ඔත් ජීවිතයක් ගත කරයි — එක් තැනක සවි වී.
මෙඩුසා ආකාරය
සංචරණය කරයි — ජලයේ පාවෙමින්.
රූපයක් එක් කළ යුතුය
කොරල් පර
නිඩාරියාවන් වන කොරල් බුහුබාවන් විසින් කොරල් හෙවත් ගල්මල් නිර්මාණය කරයි. ඒවා සාගර ජීවීන්ගේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටුකරයි.
රූපයක් එක් කළ යුතුය