ආත්‍රොපොඩා — විශාලතම වංශය
ඇනිමාලියා රාජධානියේ වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් අයත් වංශය වේ. සත්ත්ව විශේෂ අතරින් 75% පමණ මෙම කාණ්ඩයට අයත් වේ.
ආත්‍රොපොඩා වංශයේ වැඩිම ජීවීන් සංඛ්‍යාවක් අයත් වන වර්ගය කෘමීන් වේ — ජීවී විශේෂ 950,000 පමණ ඊට අයත් වේ.
සමනලයා
මී මැස්සා
පළඟැටියා
මදුරුවා
මකුළුවා
ගෝනුස්සා
පත්තෑයා
ඉස්සා
කකුළුවා
රූපයක් එක් කළ යුතුය
- භෞමික හා කරදිය, මිරිදිය පරිසරවල වාසය කරයි.
- ත්‍රිප්‍රස්තරය. සීලෝමිකය. සන්ධි සහිත පාද දරයි. මේ නිසා සන්ධිපාදිකයින් ලෙස හැඳින්වේ.
- දේහය ඛණ්ඩනය වී ඇත. ඛණ්ඩ එකතු වී ටැග්මා (හිස, උරස, උදරය) සෑදේ.
- දේහය මතුපිට කයිටින් උච්චර්මයක් ඇත. එය පිට සැකිල්ල ලෙස ක්‍රියාකරයි.
- ඇතැම් විශේෂ පියාපත් දරයි.
- දේහය ද්වි පාර්ශවික සමමිතියක් දක්වයි.
- ගැහැණු සහ පිරිමි සතුන් ඇත. එනම් ලිංගික ද්විරූපතාව පෙන්වයි.
රූපයක් එක් කළ යුතුය
පැවරුම 13.2
නිවසේ හමුවන මියගිය කෘමීන් එකතු කර කෘමි පෙට්ටියක් (Insect box) සකස් කරන්න.
පිට සැකිල්ලේ මිල
කයිටින් උච්චර්මය ආරක්ෂාව දෙයි, එහෙත් එය වැඩෙන්නේ නැත. එබැවින් සන්ධිපාදිකයෙකුට වැඩීමට නම් එය ඉවත දමා නව එකක් සෑදිය යුතු ය — කකුළුවෙකු හෝ කෘමියෙකු නිතර නිතර හැලීම සිදු වන්නේ එබැවිනි.