Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අපෘෂ්ඨවංශීන් 4 වන පිටුව (6)

මොලුස්කා — මෘදු දේහ සහ කවච

මෘදු දේහ දරන ත්‍රිප්‍රස්තරික සතුන් අයත් වන වංශය යි. ගොලුබෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා සහ බූවල්ලා වැනි සතුන් මෙයට අයත් වේ.

රූපයක් එක් කළ යුතුය

13.20 රූපය — මොලුස්කා විශේෂ කිහිපයක්: ගොලුබෙල්ලා, දැල්ලා සහ බූවල්ලා.
  • භෞමික, මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරයි.
  • බහුසෛලිකය. ත්‍රිප්‍රස්තරය. මෘදු දේහ දරයි. මේ නිසා මෘදුවංශීන් ලෙස හැඳින්වේ.
  • හිස, පේශිමය පාදය සහ අන්තරංග ගොනුව ලෙස දේහය ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. දේහය ඛණ්ඩවලට බෙදී නැත.
  • ශ්ලේෂ්මලයෙන් තෙත් වූ දේහාවරණයක් දරයි.
  • ඇතැමෙක් කැල්සියම් කාබනේට් (CaCO3) වලින් සෑදුන බාහිර හෝ අභ්‍යන්තර කවච දරති. එය ප්‍රාවරණය මගින් ස්‍රාවය කරයි.
  • දේහය ද්වි පාර්ශවික සමමිතියක් දක්වයි.
  • ලිංගික ප්‍රජනනය සිදු කරයි. සාමාන්‍යයෙන් ඒක ලිංගික සතුන් වේ.

රූපයක් එක් කළ යුතුය

13.21 රූපය — මොලුස්කාවකුගේ දික්කඩ: හිස, පේශිමය පාදය සහ අන්තරංග ගොනුව.

ඛණ්ඩනය නොවීම වැදගත් ය

ඇනෙලිඩාවෝ හා මොලුස්කාවෝ දෙපිරිස ම ත්‍රිප්‍රස්තරික, ද්විපාර්ශවික සමමිතික, මෘදු සතුන් ය. ඒ දෙක වෙන් කරන පහසු ම කරුණ නම් ඛණ්ඩනය ය: ඇනෙලිඩාවකුගේ දේහය සමාන ඛණ්ඩවලට බෙදී ඇත, මොලුස්කාවකුගේ නැත.