Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.2. ද්‍රව පීඩනය 2 වන පිටුව (8)

පීඩනය සෑම දිශාවකට ම බලපායි

ද්‍රවයක් නිසා හට ගන්නා පීඩනය එක් දිශාවකට පමණක් නොව සෑම දිශාවකට ම බලපායි. සරල පරීක්ෂණයකින් මෙය පෙන්විය හැකි ය.

පරීක්ෂණය

පොලිතීන් උරයක වටේ තැනින් තැන සිදුරු සාදන්න. එයට ජලය පුරවා, උරයේ කට අල්ලාගෙන සිටින්න.

රූපයක් එක් කළ යුතුය

15.1 රූපය — ජලය පුරවා ඇති, වටේ තැනින් තැන සිදුරු සහිත පොලිතීන් උරයක් අතින් අල්ලාගෙන සිටින අයුරු; සෑම සිදුරකින් ම ජලය පිට වේ.

නිරීක්ෂණය

සෑම සිදුරකින් ම ජලය පිට වී යන බව පෙනේ — පහළ සිදුරුවලින් පමණක් නොව, පැති සිදුරුවලින් සහ උඩු පැත්තට හැරී ඇති සිදුරුවලින් ද.

මෙයින් කියැවෙන්නේ කුමක් ද?

එක් එක් සිදුර පවතින්නේ උරයේ එක් එක් පැත්තේ ය. එසේ තිබිය දී ත් සෑම සිදුරකින් ම ජලය පිට වන්නේ, එම සිදුරු පිහිටි තැන්වල ජල පීඩනයක් පවතින නිසා ය. පීඩනය එක් දිශාවකට පමණක් ක්‍රියා කළේ නම්, ඒ දිශාවට හැරී ඇති සිදුරුවලින් පමණක් ජලය පිට විය යුතු ය.

පළමු ගුණාංගය

ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඕනෑ ම දිශාවකට එක ම අගය ගනී.