එක ම මට්ටමේ දී පීඩන සමාන ය
ද්‍රවයක එක ම මට්ටමේ දී පවතින පීඩනය සෑම තැනක ම සමාන ය. මෙය පෙන්වීමට අවශ්‍ය වන්නේ ප්ලාස්ටික් බෝතලයක් සහ ජලය පමණි.
පරීක්ෂණය
සෙන්ටිමීටර 25ක් පමණ උස ප්ලාස්ටික් බෝතලයක පහළින්, සම මට්ටමින්, සිදුරු කිහිපයක් විදින්න. දැන් එයට ජලය පුරවන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
සිදුරු සියල්ලෙන් ම නිකුත් වන ජලය එක ම තිරස් දුරක් ගමන් කරන බව පෙනේ.
තිරස් දුර පීඩනය කියා දෙන්නේ කෙසේ ද?
සිදුරකින් ජලය පිටවන වේගය එම සිදුර අසල පවතින පීඩනය මත රඳා පවතී. පීඩනය වැඩි නම් ජලය වේගයෙන් විදින අතර, එවිට එය වැඩි තිරස් දුරක් ගමන් කරයි. සිදුරු සියල්ලෙන් ම ජලය එක ම දුරක් ගිය බැවින්, ඒ සියලු සිදුරු අසල පීඩනය සමාන විය යුතු ය.
දෙවන ගුණාංගය
ද්‍රවයක එක ම මට්ටමේ පිහිටි සියලු ලක්ෂ්‍යවල දී පීඩන සමාන වේ.