ගැඹුර වැඩි වත් ම පීඩනය වැඩි ය
දැන් අපි සිදුරු එක ම මට්ටමේ නොව ඉහළ සිට පහළට සාදා, ජල කඳේ උස පීඩනය කෙරෙහි බලපාන අන්දම සොයා බලමු.
පරීක්ෂණය
පෙර ප්‍රමාණයේ ම තවත් ප්ලාස්ටික් බෝතලයක් ගෙන, එහි දළ වශයෙන් සමාන පරතරයක් ඇතිව ඉහළ සිට පහළට සිදුරු පෙළක් සාදන්න. ජලය පුරවා, බෝතලය පොළොව මට්ටමේ සිට තරමක් ඉහළින් තබාගෙන ජල පහර නිකුත් වන ආකාරය නිරීක්ෂණය කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
ඉහළ සිදුරුවලින් ජලය විදින වේගයට වඩා වැඩි වේගයකින් පහළ සිදුරුවලින් ජලය විදින බව පෙනේ. එබැවින් පහළ ජල පහර වැඩි තිරස් දුරක් ගමන් කරයි.
නිගමනය
සිදුරකින් ජලය වේගයෙන් නිකුත් වන්නේ සිදුර අසල වැඩි පීඩනයක් ඇති විට ය. පහළ සිදුරුවලින් ජලය වේගයෙන් විදින බැවින්, ඒවා අසල පීඩනය වැඩි විය යුතු ය.
ගැඹුරයි පීඩනයයි
ද්‍රවයක ගැඹුර වැඩි වන විට පීඩනය වැඩි වේ; ගැඹුර අඩු ස්ථානයක දී ද්‍රව පීඩනය අඩු වේ.
ජලාශයක බැම්ම යටින් ඝන ව ද උඩින් තුනී ව ද තනනු ලබන්නේ ම මේ නිසා ය — පහළට යත් ම බැම්ම මත ජලය යොදන පීඩනය වැඩි වේ.