Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.2. ද්‍රව පීඩනය 5 වන පිටුව (8)

කඳේ හැඩය බලනොපායි

ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත වෙනස් වේ ද? ක්‍රියාකාරකම 15.1 මගින් මෙය කෙළින් ම පරීක්ෂා කළ හැකි ය.

ක්‍රියාකාරකම 15.1

රූපයේ a, b, c, d හා e වලින් දැක්වෙන පරිදි වූ විවිධ හැඩවලින් යුත් නළ පහක් සපයා ගන්න.

ඒවා දෙකෙළවර වසා ගත් සිදුරු සහිත PVC නළයකට සවි කර ගැනීමෙන් නළ පද්ධතියක් සාදා ගන්න.

දැන් මෙම නළ පද්ධතියට ජලය පුරවා, නොසෙල්වෙන පරිදි තබා, එක් එක් නළයේ ඇති ද්‍රව කඳන්වල සිරස් උස මැන සටහන් කර ගන්න.

රූපයක් එක් කළ යුතුය

15.4 රූපය — ද්‍රව කඳේ හැඩය සමඟ පීඩනය වෙනස්වන ආකාරය පිරික්සීම; හැඩ පහක නළ a, b, c, d සහ e එක ම PVC නළයකට සවි කර ඇති අයුරු.
ස්ථානය ද්‍රව කඳේ සිරස් උස (cm)
a මනින්න
b මනින්න
c මනින්න
d මනින්න
e මනින්න

නිරීක්ෂණය

සෑම නළයක ම ද්‍රව කඳේ සිරස් උස සමාන බව පෙනේ.

මෙය කියා දෙන්නේ කුමක් ද?

ද්‍රවයක එක ම මට්ටමේ ඇති ලක්ෂ්‍යවල පීඩන සමාන බව අප දනිමු. එබැවින් නළ සියල්ල සවි කර ඇති PVC නළයේ ස්ථාන සියල්ලේ පීඩන සමාන විය යුතු ය. එසේ තිබිය දී සෑම නළයක ම ද්‍රව මට්ටම සමාන වීමෙන් පෙනෙන්නේ, එම පීඩනය රඳා පවතින්නේ එක් එක් නළය තුළ ඇති ද්‍රව ප්‍රමාණය හෝ ද්‍රව කඳේ හැඩය මත නොව, ද්‍රව මට්ටම මත පමණක් බව ය.

රූපයේ e නළය තුළ ඇති ද්‍රව ප්‍රමාණයට වඩා a නළය තුළ ඇති ද්‍රව ප්‍රමාණය වැඩි ය. එම නළ දෙකෙහි ද්‍රව කඳන්වල හැඩ ද අසමාන ය. එහෙත් ඒ දෙකෙහි ම මුල ඇති පීඩන සමාන ය.