Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.2. ද්‍රව පීඩනය 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 15.1 හි විවිධ හැඩවලින් යුත් නළ පහෙහි ම ද්‍රව මට්ටම සමාන වීමෙන් පෙනී යන්නේ, ද්‍රව පීඩනය රඳා පවතින්නේ කුමක් මත ද යන්න ය. එය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ද්‍රව කඳේ සිරස් උස. නළවල හැඩ අසමාන වුව ද, ඒවා සවි කර ඇති ස්ථානවල පීඩන සමාන බැවින් සෑම නළයක ම ද්‍රව මට්ටම එක ම උසකට නැඟේ.

රූපයේ a නළය තුළ e නළයට වඩා වැඩි ද්‍රව ප්‍රමාණයක් ඇත, එහෙත් ඒ දෙකෙහි ම මුල ඇති පීඩන සමාන ය — එබැවින් පරිමාව හෝ හැඩය පිළිතුර විය නොහැක.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.